පසුගිය වසරකට ආසන්න කාලයක් තිසසේ පිස්සා හිටියේ ලොවෙත් නැතිවය.ඒ කාලය තුළ මේ සයිබර් අවකාසය තුළ නොඑක් හෙයියන් මාරු සිදුවී ඇති බව පිස්සාට දැන් දැන් මීටර් වන්නේය.සමහරු පාළුගෙයි වළං බිඳිමින් සිට චාටර්වී අතුරුදහන්ව ඇති බවටද පිස්සාට දැනගන්නට ලැබුණි.කෙසේ වුවත් දැන් පිස්සා ආයෙත් පළාමල්ලත් උස්සාගෙන ප්‍රාදුර්භූත වී ඇත.පසුගිය කාලයේ පිස්සා දේශ දේශාන්තර වල කරක්ගසා කුණු අටෝරාසියක් එකතුකොරගෙන ඇත.ඉතින් ඒ කුණු එලියට ඇදීමට පෙර මදර්ලන්ඩ් එකට පය ගැසූ හැටියේම ලැබුණ පොට්ට චෑන්ස් එකක් හෙවත් මහදවල් ජිම්කානා එකක් පිළිබඳ නාගයා චාරිකා කරවීමට පිස්සාට සිතී ඇත.මේක පිස්සාගේ පෞද්ගලික අත්දැකීමක් බැවින් කවුරු කවුරුත් වැරදි නොගන්නවා හොඳය.
අසුවල් දින පිස්සා මැදමුලනී බ්‍රහ්මදත්ත එයාර්පෝට් එකේ හයි ෆයි පර්යන්තයේ දක්ෂිණ දොරටුවෙන් මදර්ලන්ඩ් එකට පය ගසනවාත් සමඟම කළු කණ්නාඩි ලාපු වීදුරු පාට කෑල්ලක් විසින් මල් කළඹක් දී සාදරයෙන් පිළිගනු ලැබිණි.පිස්සා කොකටත් කියා මල් කළඹ ස්කෑන් කොට බැලුවේ ඉන්දියාවේ රජීව් අයියාටත් ටිකැට් කෑල්ල ඇදුණේ මල් කළඹ නිසා බැවිනි.අප්පට හුඩු..........බලාගෙන යනවිට පිස්සාටත් ටිකැට් කෑල්ල ඇදී ඇත.මල් කළඹ අස්සේ පොඩි තුණ්ඩු කෑල්ලක් තිබිණි.එහි මෙසේ ලියා තිබිණි.
"අද දින හවස........ට අපේ ගෙදරදී මීටිමක අයි.ටී ගැන පුරස්න කතා කොරමි.මේකට අයි.ටී සේත්‍රයේ පුරෝගාමීන් සියලුදෙනාට ආරදනා කළෙමි.උඹ මේ මීටිමට නෑවිත් පස්සෙ මට කෝල් දිදී උඹේ ඩොංගල් එක වැඩ කොරන්නෙ නෑ වගේ ගොං කතා එහෙම කියන්න එපා.මෙතැනදී එව්ව ඔක්කොම විසඳලා දෙනවා.හවස ටී සමඟ කොත්තු දෙමි.රෙද්දක් ඇඳං වරෙන්.------මීට, යළිත් චෝරතුංග(මහ රජ්ජුරුවන්ගේ අයි.ටී ඇඩ්වයිසර්,ppt,DOC,Pdf සිරි ලංකා)"
මෙය දුටු පිස්සාගේ රස නහර හත්සීයම පිනා ගියේය.මෙහෙම පිනා චෑන්ස් එකක් ලැබෙන්නේ එහෙමත් එකෙකුටය.අයි.ටී චක්‍රවර්තී සමඟ හොම්බට හොම්බ තියා සාකච්චා කැර සියළු අයි.ටී පුරස්න විසඳාගැනීමට ලැබෙන්නට යාම එසේ මෙසේ ටකරමක්ද.බලාගෙන යනකොට පිස්සාත් අයි.ටී ලෝකයේ වැදගත් චරිතයක් වී ඇත.ඒ මදිවාට ඒ උතුමාණන් සමඟ කොත්තුවක් කා ටී එකක් ගැසීමට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද?
උන්නැහැ හම්බුවෙන්නට හිස් අතින් යනවා නාකය.එබැවින් එයාපෝට් එක අසළ ඩියුටි ෆ්‍රී එකෙන් සීනි බාගයක්ද කිරවා ගතිමි.ඩියුටි ෆ්‍රීඑකේ එකා ඇසුවේ කාට දෙන්නද සීනි ගන්නේ කියාය.එවිට පිස්සා කීවේ අසුවල් උත්තමයාට දෙන්නට සීනි බාගක් කිරන ලෙසයි.කඩේ එකා මීට පෙරත් ඒ උත්තමයාට දෙන්නට සීනි කිරා ඇති බව මට කණට කර කීවේය.
ඔයින් මෙයින් ඇවැස්ස දේවල් ඇරගෙන පිස්සා නියමිත වෙලාවට ඒ උත්තමයාගේ ගෙදෙට්ට සම්ප්‍රාප්ත විය.අනේ........උන්නැහැ හරීම නිහතමානීය.උත්තමයෙක් කියා හිතන්ඩත් බැරිය.ඇඳ සිටියේ කොටු කොටු මඩකළපු සරමකි.එතුමා මගේ හඩු සරමේත් එතුමාගේ මඩකළපු සරමේත් කොටු සංසංදනය කර බැලුවේය.උන්නැහැගේ සරමේ කොටු තුනකට එකක් නිල්පාටය.පිස්සාගේ සරමේ කොටු හතරකට එකක් රතුපාටය.මෙවැනි සමානතා ඇතිවන්නේ අහම්බයකින් නොවන බවත් එමඟින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වන බවත් එතුමා අවදාරණය කළේය.
ඉන්පසු අපි අපගේ මේන් ටොපික් එක වන අයි.ටී පුරස්න කතාකිරීමේ සෙෂන් එක පටංගතිමු.සේනක,පුක්කුස,කාවින්ද,දේවින්ද යන අයි.ටී පඬිවරු සිව්දෙනාද ගත්තේ-වම ගුරු පියාද සහබාගී විය.උන් දෙන පඬි ටෝක් ඇසීමට බට්ටිච්චියන් දෙදෙනකුද පැමිණ සිටිනු දක්නට ලැබිණි.
ඩිස්කසන් එක ආරම්බ කළ සේනක පඬිතුමා මධ්‍යතන යුගයේ මාතෘභූමිය තුළ අයි.ටී සේත්‍රයේ බරපතල ගැටළු මොනවාදැයි හර බර ලෙස පැහැදිළි කළේය.ඩොංගල් එක යූ.ඇස්.බී පෝර්ට් එකට හරියට ගසාගන්නට බැරිවීම වර්තමාන තරුණ ප්‍රජාවට බරපතල ගැටළුවක් බව පුක්කුස පඪිතුමා විසින් මනාව පැහැදිළි කොරන ලදී.දේවින්ද පඬිතුමා විසින් විස්තර කළ පරිදි චාටර් කා ගූගල් ඇඩ් සෙන්ස් වලින් උපයා ගන්න තුට්ටු දෙක පේ පැල් වලින් ලංකාවට ගෙන්නාගැනීමට බැරිවීම ජාතික ප්‍රස්නයකි.එයට පිළිතුරු වසයෙන් චෝරතුංග උත්තමයා කියා සිටියේ ඇමරිකාවට කෙළවීමට මාතෘබූමිය තුළ ගූගල් තහනං කෙරීමට අවශ්‍ය පනත්කෙටුම්පත් සම්පාදනය කොරමින් පවතින බවත් එම ප්‍රොසීඩියර් එක අවසන් වූ වහාම ගූගල් තියා උගේ පඩයක්වත් හොයාගැනීමට බැරිවන බැවින් පේ පැල් ප්‍රස්නය ඉබේම විසඳෙන බවත්ය.ඉතින් උන්නහැගේ මේ විචාර බුද්දිය ගැන අපි මවිත වීමු.
මෙසේ හරබර රසවත් සාකච්චාව යන විට පැය දෙකක් යනවා පිස්සාට දැණුනේවත් නැත.අවසානයේ ඩිස්කසම ෆයිනලයිස් කර ෆලොවිං ඩිසිෂන්ස් ගන්නා ලදී.
- ගූගල් තහනං කර පේපැල් ප්‍රස්නය සදහටම විසඳිමට.
- ඩොංගල් එක යූ.ඇස්.බී පෝර්ට් එකට ගැසීම පුහුණු කිරීමට හමුදා කඳවුරු තුළ පුහුණු පාටමාලාවක් ක්‍රියාත්මක කිරීමට.(ඇස්.බී. උතුමාණන්ගේ කාරුණික අනුග්‍රහය ලබාදෙන බව උන්නැහැ සහතික විය)
- ඩේටා ඉස්පීඩ් අඩු වන විට ඩොංගල් එක කෙලින් කර තැබීමෙන් ගුරුත්ව බලය පාවිච්චි කර ඩවුන්ලෝඩ් ඉස්පීඩි වැඩි කරගත හැකි දැයි සෙවීමට විශ්‍රාමික අයි.ටී ඔස්තාර් කෙනෙකුගෙන් සමන්විත ඒක පුද්ගල කමිටුවක් පත්කිරීමට.
දැන් ඉතින් කාටවත් කටක් ඇර වචනයක් කියන්නට බැරිවනු ඇත.මාතෘබූමියේ සියළු අයි.ටී ප්‍රස්න එතුමාණන් විසින් විසඳා හමාරය.එතුමාට විසඳන්නට බැරි පුරස්නයක් නම් ඉතිං සක්කරයාගේ පුතා වයිමට වත් විසඳන්න බැරිය.
බත් දුන් පියා, කොස් දුන් පියා, ඇට දුන් පියා, රෙදි දුන් පියා, පොත් දුන් පියා ගෙන් පසුව එතුමා අනාගතයේ පේ-පැල් දුන් පියා ලෙස ඉතිහාසගත වනු ඇත!
ReplyDeleteහීනියට ආඩම්බරයි අප්පා...
ReplyDeleteඔය ජාතියේ තවත් ලිපියක් අර නිර්මාණශීලී විදියට, ටවුන් වල ඉන්න ඩයල් වලට සුප්කැට අජිනමොටෝ කිලෝ ගණන් දාලා ගමේ කතා රසකර කවන මලයත් පොටෝ එකකුත් එක්ක දාලා තිබ්බේ...
ReplyDeleteනැවත සම්ප්‍රාප්තිය ගැන ඉත සිතින්ම සතුටු වෙමි. ජාතක කතා ශෛලියේ ලිපියක් ලඟදීම බලාපොරොත්තු වෙමි.
මේ කියන්නේ කවුරු ගැනද කියලා ටියුබ්ලයිට් ය :S
ReplyDeleteපට්ටය..!!! මාත් ad sense සිංහලට සප් නොකරන බැවින් සාටර් වී සිටිමි. දැන් එතුමාගේ උදාන වාක්‍යයට අනුව Ad sense වලට අපේ වටිනාකම ළඟදීම අවබෝධවනු ඇත.!!!! ලොලේ ලොල්
ReplyDeleteමචං මාරයි ඈ... මේව තමා එන්න ඕනි බඩු...
ReplyDeleteසිග්නල් නැතිවිට කම්පෙලෙන් කරන්න සහ ඒවා විභාග කරන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් නැතිවීම,,
ඇඩ් වල ඇති ස්පීඩ් අහලකින් වත් නොයෑම...
බ්ලොග් රෙජිස්ට්‍රෙෂන් සහ වෙබ් අඩවි තහනම් කිරීම් ගැන කතා නොකිරීම....
අයි සී ටී දැනුමෙන් ෆන් එකක් ජනතාවට ගන්න අවකාශ දෙනවාට වඩා එහාගිය අඩු තරමේ බස්බුකින්, ට්‍රෙන් බුකින් , රාජ්‍ය සේවාවන් වැනිදේ ඔන්ලයින් ලබාදීමේ වැදගත්කම
වැනි දේවල් වලට වඩා පේපෑල් වැදගත්...
mothagamanaya said...
ReplyDeleteසඳරුට සුභ පැතුම්..
හැබැයි චානුක කරපු වැඩේ කැතයි... මේකට බ්ලොග් අවකාශේ සුවිශේෂී චරිතයක් වෙච්ච චතුෂ තුෂාර කුමාරවත්(මාරයා) ගෙනියන්න තිබුන..
චානුක වත්තේගම said...
@mothagamanaya,
ඔබ ඉහත නඟා ඇති චෝදනාවට පිළිතුරු දෙමි. නැතිනම් මා කැටුව නොගියේ නැත්තේ ඇයිදැයි තව බොහෝ දෙනෙකුන් මගෙන් අසන්නට ඉඩ ඇති නිසාය.
1. මෙය බ්ලොගර්ස්ලාගේම හමුවක් නොවේ. අපේ අරමුණු ඊට වෙනස් විය. එනිසා කණ්ඩායම සැදුණේ ඒ අවශ්‍යතාවයට අනුවය. අදාළ පිරිසෙහි තවමත් නිතිපතා බ්ලොග් ලියන්නකුට හිටියේ සඳරු පමණය.
2. මා රැගෙන ගිය කණ්ඩායමේ මහා පොදු සාධකය ඒ සියල්ලන්ටම තොරතුරු තාක්ෂණයේ තාක්ෂණික පැත්ත හා භාවිතය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීමයි.
3. මේ සාකච්ඡාව කිහිප වාරයක් අවලංගු වී, නැවත දින ලැබී අවසාන මොහොත වනතුරු ස්ථිර නොවූ එකක් විය. සාමාන්‍යයෙන් වීරතුංග මහත්තයා දෙන ඇපොයින්ට්මන්ට්ස් අවසාන මොහොතේත් අවලංගු වේ. හරියටම වේදැයි නොදන්නා දෙයක් වෙනුවෙන් අඬබෙර ගසා, ඉල්ලුම්පත් කැඳවා සද්දයක් දැමීමට මට උවමනාවක් නොවීය. එනිසා මා කාලයක් තිස්සේ හොඳින් දන්නා කුඩා කණ්ඩායමක් පමණක් එකතු කර ගතිමි. බුධාජීව හරුණු විට අන් සියළු දෙනාම මම පෞද්ගලිකව දැන සිටි, එකට වැඩ කර තිබුණු අයයි.
නමුත් ඔබ කියන දෙයෙහි යම් ඇත්තක් තිබේ. ඉක්මණ හා අඩු අවධානය නිසා මඟ හරුණු තව කිහිප දෙනකු රැගෙන ගියා නම් යහපත්ය මට සිතෙයි. ප්‍රවීන් ඉන්ද්‍රනාම එවැන්නෙකි. පහන් සරත්චන්ද්‍ර තවකෙකි.
- චානුක වත්තේගම
http://hisahasa.blogspot.com.au/2012/04/blog-post_21.html?showComment=1335065281466#c26264683999816147
http://hisahasa.blogspot.com.au/2012/04/blog-post_21.html?showComment=1335114559189#c1964171139744420771
මේ උපහාසය අපිට නම් මම ඒකට හිනා වෙලා නිකං ඉන්නං. මෙලෝ මගුලක් වෙන්නේ නැති වෙලාවක අපි අඩු තරමේ මෙව්ව දැං කියලා තියෙනව. අඩු තරමේ මෙව්ව නොවුනොත් ලඟ පාර පටන් ගන්ඩ ආරම්භයක් මෙතනින් හම්බ වෙනව. ඇයි මේක උනේ නැත්තේ කියන එක. එතකොට මේ හමුව ඇදගෙන නෑමක් වෙනව.
ReplyDeleteමම තරයේ විරුද්ධයි ඹබ ලලිත් වීරතුංග මහතා හඳුන්වා ඇති හැටි ගැන. ලංකාවේ දේශපාලනය කරන්ඩ සක්කරයා ආවත් ටිකක් කල් යද්දී අද වගේ වෙනව.
රෝග ලක්ෂණවලට බෙහෙත් කරලා වැඩක් නෑ. රෝගයට බෙහෙත් කල යුතුයි.
ඔහු කට වාචාල දේශපාලුවෙක් උනේ නෑ. නමුත් විද්වතෙක් උනා. ඔබට අවශ්‍ය අපි එතනට යන්ඩ සුදුසු අය නෙවේ කියන්ඩ නම් මං එකඟයි. නමුත් ආවට ගියාට මිනිස්සුන්ට එහොම අවලාද කරන්ඩ එපා.
වීරතුංග මහත්තයෙක්. දේශපාලනය එයාට මොනා කරලා තියෙනවද මං දන්නේ නෑ. නමුත් ඔහු අපට අපි කරලා තියෙන දේ ගැන සතුටු බව දන්වා සිටියා. අපිත් අපිට තියෙන දේ කිව්ව.
අපි මේ යන්නේ උඩුගම් බලා. ඔබත් ඒක දන්නවා. වින් වින් අවස්ථා නිර්මනය වෙන්නේ නෑ. කරා ගත යුතු වෙනවා. මං ඒ සුබවාදී දැක්ම එක්ක ඉස්සරහට ආව. එච්චරයි.
මම බ්ලොග්කරණයට ආධුනිකයෙක්. ඒත් තොරතුරු තාක්ෂනය ගැන තරමක වෘත්තීය පළපුරුද්දක් තියෙනවා. මේ ලිපියේ ආකර්ශනීය බව වගේම ඔබේ විවේචනයේ අයිතිය පැහැදිලියි. ඔබේ ලිපියේ හා සමහර කමෙන්ටු ගැන මම දන්නා හා හිතෙන දේ කියන්නම්.
ReplyDeleteඑක එක හොරුන් අන්තර්ජාලය හරහා මුදල් උපයන ලේසි ක්‍රමයක් ලෙසට ගුගල් ඇඩ්සෙන්ස් විකුණාගෙන කෑවත්, අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් එකම ක්‍රමය එය නොවනවා වගේම තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් හොඳ හැටි මුදල් උපයන්නට හැකි ක්‍රම අන්තර්ජාලය ආශ්‍රිතව තිබෙනවා.උදාහරණ සීමා කරන්න බැරි වුනත් කිහිපයක් හැටියට මෘදුකාංග,වෙබ් අඩවි සංවර්ධන, ග්‍රැෆික් නිර්මාණ වගේ දේවල් දක්වන්න පුළුවන්. අනිත් අතට මේ දේවල් ගැන හොඳ හැකියාවක් තියෙන අය අපේ රටේ ඕන තරම් ඉන්නවා.පේපැල් අද ප්‍රධානම විද්‍යුත් වාණිජ්‍ය සේවාවක්.සේවා ඉල්ලුම්කරුට පහසු පේ පැල් නම් සැපයුම් කරු එයට අනුකුල නැතිනම් බොහෝවිට ප්‍රතිපලය පේපැල් අනුකුල වෙනත් සැපයුම්කරුවෙකු වෙත යාම.හේතුව අපේ අයට තරඟ කරන්නට වෙන්නේ ඉතා "අඩු මිලට සේවා ලබා දෙන පේපැල් අනුකුල ඉන්දියානුවන්" ඇතුළු වෙනත් රට වල අය සමග.පේපැල් වලට විකල්ප නැතිවා නොවුනත් සේවා ඉල්ලුම් කරුවන් තමන්ගේ පහසුවට ප්‍රමුඛතාව දෙනවා. ඒ නිසා පේ පැල් ගැටළුව උපහාසයට කරුණක් නෙවෙයි. රජය පේපෑල් වලට සහයෝගය දක්වන එක ඉතාම වැදගත්.
අනිත් කාරණය නියෝජනය තෝරා ගැනීම සර්ව සම්පුර්ණ හෝ සාධාරණ නොවුනා වෙන්න පුළුවන් වුනත් , මෙහි නියෝජනය වුනේ අපේ රටේ තොරතුරු තාක්ෂණයේ යහ ඵල නෙලා ගන්න අය, මහා පළපුරුද්දක් අධ්‍යාපනයක් තියෙන අය නෙවෙයි. ඒත් අපට අමතක කරන්න බැහැ ඔවුන් දැනෙන වෙනසක් පොලවේ පය ගහගෙන කරපු අය බව. තොරතුරු තාක්ෂණය පිට පළාත් වලට, ගමට ගෙනියන්න පුළුවන් කියලා ප්‍රායෝගිකව ඔප්පු කරපු අය ඔතන හිටියා. ඔවුන්ගේ විභවතාව හරි හැටි භාවිතා කරන්නට උදවු කරනවා, දිරි ගන්වනවා හැරෙන්නට විහිලුවට හා පෞද්ගලිකව ඉලක්ක කර පහර දීම (උදා - "අයි.ටී ලොවේ මහා ගත්කරු" කියා ඔබ කියා ඇත්තේ සඳරුට බව පැහැදිලියි) නොහොබිනා හා රචකයාගේ ඊර්ෂ්‍යාව ප්‍රකට කරන දෙයක් බව පැහැදිලියි.
ලලිත් වීරතුංග පරිපුර්ණ මනුෂ්‍යයෙක් නොවන්නට පුළුවන් වගේම අනිකුත් නිලධාරීන් වගේ දේශපාලනයේ ගොදුරක් වී සිටිනවා වෙන්නට ඇති. ඒත් ඔහු අනිකුත් නිලධාරීන්ට සාපේක්ෂව තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් වගේම හොඳ දැනුමක් ඇති අයෙක්. පුද්ගලිකව හඳුනන්නේ නැති වුනත් ඔහුගේ සාධනීය වෘත්තීය ලක්ෂණ ගැන මට පුද්ගලිකවම අත් දැකීම් තියෙනවා. රජයේ ප්‍රධානම නිලධාරියෙක් හැටියට මේ වගේ පිරිසක් හමු වීමට ඔහුට අවශ්‍ය වීම පැහැදිලිවම අගය කල යුතුයි, පුද්ගලික හමුවක් නිසා දේශපාලනික අරමුණු තිබුණු බවක් හිතන්නට අමාරුයි. වතාවක් මම පොලිස්පතිවරයා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් සම්බන්ධ කරගෙන කල ඉල්ලීමක් ඔහු පැය කිහිපයකින් ඉටු කර දුන්නා.ඒත් කුමින්ද ප්‍රශ්නයේදී ඔහු අසරණයි. පවතින දේශපාලන යතාර්ථය තුල නිලධාරීන් කිසිවෙකුට ෆුල් ටයිම් සාධනීය වෙන්න බැහැ. ඔවුන් ඉඳ හිට හෝ සාධනීය යමක් කල විට සර්ව-අසුභවාදීව දකින්නට අවශ්‍ය නැහැ.
නියෝජනයේ හෝ සංවිධාන කටයුතු හා සාකච්ඡා අන්තරගතය පිළිබඳව වැරදි ඇත්නම් ඒවා ගැන කතා කිරීමේ අවුලක් මම දකින්නේ නැහැ. හැබැයි අර අහිංසකයන්ව හා උන්ගේ ගැටළු විහිලුවට ගැනීම ගැන නම් එකඟ වෙන්න බැහැ. ඔවුන්ගෙන් නම් ඇත්තේ තමන්ගේ ස්වාධීන බව තමන්ගේ හැකියාවෙන්, නිර්මාණ වලින් හා අනාගත ප්‍රගතියෙන් විවේචකයින්ට පෙන්වා දෙන ලෙස.
ෂෙහාන් සන්දේශ් කියල කෙනෙකුත් ඔය ගමන ගියා කියල සඳරූ ලියල තිබුණ. සිරාවටම නොදන්න හින්දයි අහන්නෙ. එයා කවුද? එයා බ්ලොග් ලියනවද? දන්න කෙනෙක් කියලදියල්ලකො.
ReplyDeletehe was a key factor of film kusa paba and a boy who knows financial capabilities of face book ie.marketing on fb and publicity. nice gent from polonnaruwa.
Delete...........මේක පිස්සාගේ පෞද්ගලික අත්දැකීමක් බැවින් කවුරු කවුරුත් වැරදි නොගන්නවා හොඳය.................
ReplyDeleteඑහෙනම් ඒක මායා දර්ශනයක් වෙන්න ඇති. හීනෝන්මාදය :D
Deleteමායා දර්ශන සේම පරිකල්පනද බ්ලොග්කරණයට බාධාවක් නැහැ. :-)
Deleteපරිකල්පනයක මුවාවෙන් තමන්ගේ කුහකත්වය නිර්නාමිකව මුදා හැරීමක් මේක. එව්වා කැත වැඩ කොල්ලෝ... මෙතන සත්‍ය සිද්ධියක් ගාවාගෙන තියෙන ඒක ඉතාම පැහැදිලියි නේ..
Deleteමෙතැන සත්‍ය සිද්ධියක් ඇතැයි සිතෙන්නේ සත්‍ය සිද්ධියක් ඇතැයි යන උපකල්පනය මත ඒ දෙස බලන කෙනෙකුට විතරයි. නැත්නම් මේක පරිකල්පනයක් විතරයි. පිස්සා කාටවත් එහෙම උපකල්පන කරන්න කියලා නෑ. අන්කල්ට වල්ගෙ පෑගිලාද?
Deleteඋඹටනම් හොඳටෝම පිස්සු පුතේ. සත්‍ය සිද්ධියක් තියෙනවා කියලා උපකල්පනය කොරන්නේ අහවල් එහෙකටද කොල්ලෝ සත්‍ය සිද්ධියක් තියෙනවා කියලා හොඳටෝම දන්නා කොට.. ඉතින් කොල්ලෝ මම උපකල්පනයක් කලේ නෑ. සරල සත්‍යයමයි වදාළේ.. බොගේ මහා එකාට වගේ මට වල්ගයක් නැහැ පෑගෙන්න.
Deleteඅන්කල් කියන විදියට නිර්මාණකරුවෝ නිර්මාණ කරලා අහවරයි. :-)
Deleteහැම පිස්සාම නිර්මාණශීලී නැහැ කොල්ලෝ. උඹ මෙතන මහ අමන වැඩක් කොරලා තියෙනවා මිසක් මෙතන ඇති නිර්මාණයක් නැහැ. තුට්ටු දෙකේ මඩ ගැහීමක් මෙතන තියෙන්නේ.
Deleteමෙන්න පුතේ කියවලා බලාපන් උඹට තියෙන ලෙඩේ ගැන.
Deletehttp://nursinglanka.blogspot.ca/2012/01/77.html
දැන් එතකොට මේක පිසාගේ පළාමල්ලෙ විකාශනයක් නෙවෙයිද?
ReplyDeletehttp://mohomadgepalamalla.blogspot.com/
...සමහරු පාළුගෙයි වළං බිඳිමින් සිට චාටර්වී අතුරුදහන්ව ඇති බවටද පිස්සාට දැනගන්නට ලැබුණි....
ReplyDeleteකවුද ඒ ඈං? කියන්නකො අපටත් දැන ගන්න එක්කලා.
හප්පා, අවුරුද්දක් තිස්සෙ නිතරම අලුත් පෝස්ට් එකක් ඇවිල්ලා තියෙනවද කියල බලපු බ්ලොග් එකක් මේ. සතුටුයි ආයෙ දකින්න ලැබීම ගැන.
ReplyDeleteParadox
සදරු සහ පිරිවර ගැන දමා තීබූ සත පනහේ බ්ලොග් එකට පිළිතුරු ලිපියකි.
ReplyDeleteතමන් ටිකක් දැනගෙන ගොඩක් දන්නවා සේ සහ ගමේ ඉන්න තමන්ගේ සහෝදර සහෝදරයින්ට ගොඩයායැයි අපහසවනසේ කතාකරන්නා/හැසිරෙන්නා ගැන ඇත්තටම දුකක් සහ කණගාටුවක් උපදිනවා. විදේශිකයින් අපේ අතින් කෑම දකින්නේ අපට හැදි, ගෑරුප්පු සහ චීන්නු සහ ජප්පෝ කන කෝටු දෙකටවඩා අපෙයි අතේ පිරිසිදු බවට වූ විස්වාසයේ සහතිකයක් ලෙසයි. අපේ ගොඩ සුද්දන්න්ට මනාලෙස පිරිසිදු නොවූ හැන්ද සුද්ද කන නිසා පිරිසිදු වෙනවා සේම, අනිත් අයගේ අතින් පිළියෙල කල කෑම හැඳි ගෑරුප්පු පිහි භාවිතයෙන් කන නිසා තමා සමාජ සම්මතයෙන් උසස් කොටසකට අයිති වේයැයි හිනොත්මදයෙන් පෙලෙන බවයි දකින්නට ලැබෙන්නේ. සදරු ගැන ආඩම්බර වෙන අතර නිවසේදී ලැබෙන සෑම අවස්ථාවකදීම සිංහල කම දන්නා දේශපාලකයින් වගේම සමාජයේ උසස්යැයි සම්මත නිහතමානී පුත්ගලයින් අතින්කෑම අගය කරන්නේ අහරේ නියම රසය දැනෙන්නේ අතින් අනා කනවිට බැවිනි. සදරුවන් පුත්ගලයෙකු හිවලෙකු කෑගැසුවාට බයනොවන බව දන්නාමුත් මෙය ලියන්නේ හුදෙක් මනුස්ස වෙසින් ඉන්නා අමනුස්සයින් වෙනුවෙනි. ඔහුගේ එම සටහනත් සදරුට පන්නරයක්ම වේවා!.
-අම්බි
ප.ලි. සදරු, මා තුට්ටු දෙකේ බ්ලොග්ස් කියවන්නෙක් නොවෙමි. එහෙත් ඔබගැන නරකක් ලියවී ඇතැයි පුත්ගලයෙක් අදහස් දක්වා තිබීම නිසා එය කියවීමි. මෙය, එය කියවා මා හැගී හැගීමයි. එයට පිළිතුරක් ලෙස මෙය ඔබට එම බ්ලොග් අඩවියේ දැමීමට මම සම්පුරණ හිමිකම දෙන අතර මෙය මා විසින් එහි නොදමන්නේ මා එම බ්ලොග් ලිපිය පිළිකුල් කරන බැවිනි. කොලබ නෙවේ පිටරටකට ගියත් අතහෝදන් අතින් කන්න ලජ්ජා වෙන්න එපා. ගොඩක් ලොකු ලොක්කෝ ඉන්නවා තරු පහේ තැන්වලට ගියත් සේවකයෙක් ලවා finger bowls ගෙන්වාගෙන අතින් කෑම කන.
මහින්දගේ කොල්ලෝ පසුගිය මැතිවරණ වලදී මැතිවරණ කොමසාරිස් කර්යාලයේ ඇති පරිගණක පද්ධතිය ට පිටත සිට අතුලු වී ප්‍රතිපල විකුර්තිකල (වෙනස්කල ) රජයේ කොම්පීයුටර් ජිල්මාට් කොලු රැල ගැන අපට සියලු තොරතුරු ලැබී ඇත. * ආරමිභය 2010 ජනාධිපති වරණය / 2011 මහා මැති වරණය * සාමාජිකයන් ගණන 8 යි * මෙහෙයුමි ස්ථානය කොලඹ ගලධාරි හෝටලය * සාමාජිකයන් ගේ තොරතුරු – වයස – 22-28 අතර ගම්පහ, හෝකන්දර, මහරගම සහ ජාඇල යන ස්ථාන වල පදිංචි මෙම තරුණයන් * 5 දෙනකු රැකියාවල් කරන අතර * 3 දෙනකු තවමත් පෞද්ගලික විශ්වවිද්යාල වල ඉගනුම ලබන අතර * සියලුදෙනාම ඇලියොන් කාර් පාවිචි කරන අතර (නිදන් නාමල් මෙම කාර් ලබාදී ඇත) * මෙම තරුණයන්ගේ නම් – H.A. සමරනායක, K .D .සිල්වා, M .N. සිල්වා, S. රත්නායක, C.ප්‍රනාන්දු, D .S .ගම්හේවා, M .S .N .වීරප්පුලි, R .සුමිත් * මෙම තරුණයන්ට මුදලින් රුපියල් මිලියන 5 බැගින් රජයෙන් ගෙවා ඇත. * සියලු තරුණයන් ට මොබිටෙල් සම්බන්ධතාවයන් සහ ඩොන්ගල් ලබාදී ඇත. * තරුණයන්ගේ 3 ගේ ගැහැණු ළමයි, පිළිවලින් ඩයලොග්, IWS, සහ හේමාස් යන ආයතන වල සේවයකරනු ලබන අතර * පසුගිය වසරේදී මෙම තරුණයන් 8 දෙනා 3 වතාවක් රට ගොස් ඇත ඉහත තරුණයන්ගේ පවුලේ විස්තර මීලග ලිපියෙන් මෙම තරුණයන් අතරින් දෙදෙනෙකු ඕනෑම අවස්ථාවක තමන්ගේ ඡන්ද මේහෙයුම ගැන මාධ්‍යට ප්‍රකාශ කිරීමට අප සමග එකග වී ඇත.
ReplyDeleteනිකන් මෝඩ කතා කියන්න එපා බන් ... ඇත්තටම මෙහෙම දෙයක් කරා නම් අන්තර්ජාතික වැඩ කාරයෙකුට කොන්තරත්තුවක් දීල කරගන්න ඇත්තේ .... කවද හරි ලීක් වෙන විදිහට ඔව්ව කරනවානම් උ තොත්ත බබෙක් වියයුතුය්
Deleteමුකුත් නැත්ද ලියන්න අලුතින් ?
ReplyDelete